ගාලු සංවාදය – 2011 හෙට ගාල්ලේ දී ඇරඹේ

Spread the love

ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන “ගාලු සංවාදය – 2011” (Galle Dialogue – 2011) අන්තර්ජාතික සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ සමුළුව හෙට (14) ගාල්ලේ දී ආරම්භ වේ. ආරක්ෂක අමාත්‍යංශයේ අනුග්‍රහයෙන් මේ ගාලු සංවාදය සමුළුවේ සමාරම්භය පසුගිය වසරේ අගෝස්තු 06 සහ 07 දිනවල පැවැත්විණි. කලාපීය සමූද්‍රීය ආරක්ෂාව පිළිබඳ ව සංවාදයක් ගොඩනැංවීම මෙහි අරමුණ විය.

මෙවර පැවැත්වෙන්නේ එහි දෙවන සමුළුවයි. “ඉන්දියානු සාගරයේ සමුද්‍රීය කටයුතු පිළිබඳ අභියෝග සහ උපායමාර්ගික සහයෝගීතාව” මෙවර සමුළුවේ තේමාව වෙයි.

ගාල්ල ලයිට් හවුස් හෝටලයේ දී සමුළුව පැවැත්වෙන අතර එහි සමාරම්භක උළෙල හෙට පෙරවරු 9.30ට පැවැත්වේ. සමුළුවේ දෙස් විදෙස් සහභාගීවන්නන් පිළිගැනීමේ කතාව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩී.ඩබ්ලිව්.ඒ.එස්. දිසානායක මහතා පවත්වන අතර සමාරම්භක දේශනය පවත්වනු ලබන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

රටවල් 25කට මෙවර සමුළුව සඳහා ආරාධනා කර තිබෙන අතර www.galledialogue.com. වෙබ් අඩවිය ඔස්සේ සමුළුව පිළිබඳ සජීවී තොරතුරු ද විකාශය කිරීමට නාවික හමුදාව විධිවිධාන යොදා ඇත.

RSL

Related Posts