
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිරිධම්ම හිමියන් අද (23) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය සිදුකර තිබෙනවා.
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටි අතර පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.