ගණිකාව දෙස විවෘත මනසින් බලමුද ?

The Encyeliopdie of Britance නම් ග‍්‍රන්ථයෙහි විල්සම් බෙන්ටම් විසින් අර්ථ දක්වා ඇත්තේ ගණිකාව යනු මුදල් හෝ ආර්ථික වටිනාකමින් යුත් ද‍්‍රව්‍යයක් හිමිකර ගැනීම උදෙසා හදුනන හෝ නොහදුනන පුද්ගලයෙකු සමග භාවාත්මක හැගීමකින් තොරව ලිංගික චර්යාවේ යෙදෙන්නියක වශයෙනි. නමුත් අපාරධ විද්‍යාවෙහි සදහන් වන්නේ ගණිකාව යනු තවදුරටත් ගණිකාවක් නොවන බවයි. ඒ අනුව ගණිකාව යනු සමාජ නිෂ්පාදනයක් ලෙස අර්ථ ගැන්විය හැකිය.

ලිංගික සාදාචාරධර්ම නොතිබුණු මුල්කාලින සමාජයේ ලිංගිකත්වය පිළිබඳව පැවැති අරාජිකත්වය මත ලිංගික නිදහස පැවතුණි. සමූහ වශයෙන් ජීවත් වූ එම සමාජයේ ගැහැනිය පිළිබඳ පූර්ණ අයිතිය පුර්ෂයා සතු බවත් තමන්ගේ සතුට වෙනුවෙන් ස්ත‍්‍රියගේ ලිංගික අවයවයන්ට ඔහුට රුචි දෙයක් කළ හැකි බවත් ඔවුන්ගේ දැඩි මතය විය. ඉන්දිය සමාජයේ එවැනි කාන්තාවන් දේව ඇඹැනියන් ලෙස හැඳින්වූ අතර ඔවුන් දාසියන් බවට පත් වූයේ දේවාල බාර කපු මහතාටය. ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවන් දේව ඇඹැනියන් මාර්ගයෙන් සපුරා ගන්නා ලදි. නමුත් මේ කාර්යයේ යෙදෙන දේව දාසින්ට කිසියම් ශ‍්‍රද්ධාවක් ලැබිණි. ඒ අනුව ඔවුන් පාරිශුද්ධ ගණිකාවන් ලෙස හඳින්විණි.

ඉන්දියාව, බටහිර අප‍්‍රිකාව මෙන්ම මධ්‍යධරණී රටවල්වලින්ද මෙවැනි පාරිශුද්ධ ගණිකාවන් පිළිබඳව තොරතුරු හමුවේ. මේ වර්ගයේ ගණිකාවන් ගැන මුලින්ම සඳහන් වන්නේ බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙන් ය. ග‍්‍රීසියේ ද ගණිකා ව්‍යාපාරය ආරම්භ වූයේ කි.පූ 06 වන සියවසටත් පෙර සිටය. එහි ලිංගික තෘප්තිය විවාහයෙන් පරිබාහිර දෙයක් ලෙස සැලකීම ගණිකා වෘත්තිය ව්‍යාප්ත වීමට හේතු විය. රෝමයේ ද ගණිකා වෘත්තිය එදා සිටම පැවත ඇත.

එහෙත් ලංකාවේ ප‍්‍රබල ආගමික සමාජයීය පසුබිමක් මත හෝ රාජ්‍ය අනුග‍්‍රහය මත හෝ ගණිකා වෘත්තිය පැවැති බව ඉතිහාසය දෙස බැලූ විට හෙළි නෙවෙන අතර එය සැඟවුණු වෘත්නියක් ලෙස පැවතුණි. ඒ බව රොබට් නොක්ස් ගේ එදා හෙළදිව කෘතියේ අන්තර්ගත කතා පුවතින් හෙළි වේ. එසේම 05 වන කාශ්‍යප රජ දවස ගණිකාවන් සිට ඇති බව සිගිරි ගීවලින් හෙළි වන බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ප‍්‍රකාශ කර ඇත. ගණිකා වෘත්තියේ ප‍්‍රභවය ඈත අතීතයේ සිටම පැවත එන්නක් බවත් ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති බව ඒ අනුව පැහැදිලි වේ.
ගණිකා වෘත්තිය පිළිබඳව කතා කිරීමේ දී සෘජු අවධානයක් කාන්තාවන් කෙරෙහි යොමු වුව ද පුරුෂයන් ද ගණිකා වෘත්තියේ නියැලේ. ඒ අනුව ස්ත‍්‍රී ගණිකාවන්, පුරුෂ ගණිකාවන් සහ නපුංසක ගණිකාවන් ලෙස වර්ගීකරණය කළ හැකිය.

දිළිඳුකම, නූගත්කම, පේ‍්‍රම සබඳතාවලින් අනාථ වූ කතුන්, ලිංගික අශාව අධික වීම, විරැුකියාව, තරගකාරි ආර්ථික රටාව ගණිකා වෘත්තිය රටක පැවැතීීමට මූලික හේතූ ලෙස විග‍්‍රහ කළ හැකිය. ඒ හේතුවෙන් බොහෝ රටවල ගණිකා වෘත්තිය සමාජ ප‍්‍රශ්නයක් ලෙස සලකමින් නීතිගත කර ඇති අතර තවත් රටවල ලිංගික ශ‍්‍රමිකයන් ලෙස එම වෘත්තිය නීති ගත කර තිබෙනුයේ ගණිකාව යනු සමාජ නිෂ්පාදනයක් වන බැවිනි. නෙදර්ලන්තය, අමෙරිකාව, ඕස්ට‍්‍රේලියාව වැනි රටවල ගණිකා වෘත්තිය නීති ගත කර තිබේ. සවුදි අරාබියාව, ලංකාව, ඉන්දියාට වැනි රටවල නීතියෙන් තහනම් කොට ඇති අතර මෙය කොතරම් දුරට සාධාරණ ද යන්න විමසිය යුතු ය.

අද්‍යතන ශ‍්‍රී ලංකාව තුළ ගණිකා වෘත්තිය ප‍්‍රධාන වශයෙන් ආකාර තුනකින් ක‍්‍රියාත්මක වේ. සම්බාහන මධ්‍යස්ථාන හරහා ගණිකා වෘත්තිය කරගෙන යාම, තැරව්කරුවන් හෝ තැරැුව්කාරියන්ගේ උදව්වෙන් ගණිකා වෘත්තියේ යෙදීම සහ ස්වධීනව රහසිගතව එම වෘත්තියේ යෙදීම ආදී වශයෙනි. ඇතැමුන් මෙය ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යන අතර ඇතැමුන්ට එය ජීවනෝපායකි.

ශ‍්‍රී ලංකාවේ ගණිකාවන් සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක වන්නේ ක‍්‍රි.ව 1889 අංක 05 දරණ ගණිකා නිවාස අඥා පනතින් සහ 1841 අංක 4 දරණ අයාල අඥා පනත තුළිනි. ගණිකා වෘත්තිය යනු කුමක්දැයි පැහැදිලි කෙරෙන නිර්වචනයක් නීතිය තුළ නොමැති බැවින් යම් කෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන්නේ මෙම ආඥා පනත් දෙක හරහා පමණකි. කෙසේ නමුත් ඉපැරණි නීති පනත් මත කටයුතු කිරීම තුළින් ගණිකාවන්ගේ ප‍්‍රමාණය අඩුවීමක් හෝ සමාජීය වශයෙන් කිසිදු යහපතක් සිදු වූ බවක් නොපෙනේ. ඒ අනුව වඩාත් ඵලදායි වන්නේ අදාල ස්ත‍්‍රිය එම වෘත්තියට යොමු වීමට හේතු වූ සමාජ විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක සාධකයන් සොයා බලා ඒ සදහා පිළියම් යෙදීමයි.

ගණිකා වෘත්තිකයින් දෙස සමාජය දක්වන්නේ සෘණාත්මක ආකල්පයකි. ගණිකාව යනු සමාජ නිෂ්පාදිතයක් යන්න අප විසින් අවබෝධ කර ගත යුතු වන්නේ ඒ නිසාවෙනි. ඒ සදහා ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක සාධකයන් රැුසක් බලපානු ලබයි. විශේෂයෙන්ම බොහෝ දෙනෙකු තම පවුල් කුටුම්භය ආරක්ෂා කිරීමට අවශ්‍ය ආර්ථිකමය ක‍්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා යොමු වූවා විය හැකිය. එමෙන්ම ශරීරය තුළ සිදුවන රසායනික සංයුතීන් අසමබර වීම තුළින් නිෂ්පාදිත හෝර්මෝන වැඩි වශයෙන් ලිංගික ආශයන් සදහා යොමු වීම තුළින් ගොඩනැගෙන ජීව විද්‍යාත්මක සාධකයන් ද මේ සදහා බලපෑ හැකිය. ගණිකා වෘත්තියද ක‍්‍රියාත්මක වන්නේ ඉල්ලූම් සැපයුම් න්‍යාය ඔස්සේ වන බැවින් ඒකපාර්ශවයකට පමණක් චෝදනා එල්ල කිරීම කොතෙකුත් දුරට සාධාරණ ද යන්න ගැටලූවකි.ඒ අනුව විමසා බැලූ විට ගණිකාව යනු තව දුරටත් ගණිකාවක් නොවේ සමාජ නිෂ්පාදිතයකි.

මදාරා ජයවර්ධන – කොළඹ විශ්වවිද්‍යාලය

Loading...

Related Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *