කොළඹ විශ්වවිද්‍යාලයේ ‍සිසුන් දෙපිරිසක් ගැටෙති

Spread the love

කොළඹ විශ්වවිද්‍යාලයේ ‍සිසුන් දෙපිරිසක් අතර ඊයේ (25 ඔක්.) යළි ගැටුමක් හටගෙන තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊට පෙර දිනයේදී ද ගැටුමක් ඇති වූ අතර ඊට සම්බන්ධ සිසුන් 8 දෙනෙකුට තාවකාලික පන්ති තහනමක් පැනවිය.

මේ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන සහ තෙවන වසරවල සිසුන් සඳහා සති දෙකක කාලයක් වසා තැබීමට විශ්වවිද්‍යාල පරිපාලනය තීරණය කර තිබේ.

එහි උපකුලපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පැවසුවේ, පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් දෙපිරිසක් අතර ඊයේ සිට ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

කෙසේ වෙතත් පළවෙනි වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ඇය සදහන් කළාය.

ගැටුමට සම්බන්ධ සිසුන් අටදෙනෙකුට තාවකාලිකව පන්ති තහනමක්ද පනවා ඇති බව උපකුලපතිනිය සඳහන් ක‍ළාය.

මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි.

RSL

Related Posts