කොළඹ ජාත්‍යන්තර පාසලේ (Colombo International School) සිසුවියක් අද (07) පස්වරුවේ කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් පැන සියදිවි නසා ගෙන ඇති බව පොලිසිය පවසයි.
එම තට්ටුවේ තිබී පාවහන් යුගලයක් සහ පාසල් බෑගයක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම (පුද්ගලික) ආයතනය තහවුරු කළේ CCTV දර්ශනවලට අනුව දැරිය කුළුණේ 29 වැනි මහලෙන් පැන ඇති බවයි.
මුලික විමර්ශනවලට අනුව එය සියදිවි නසා ගැනීමක් බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ.
මියගිය සිසුවිය වයස අවුරුදු 18 ත් 20 ත් අතර වයසේ පසුවන්නෙකු බවට විශ්වාස කෙරේ.
මේ අතර නෙළුම් කුළුණේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි එහි කළමනාකාරීත්වය සඳහන් කළේ.