කොළඹ ජය එජාපයට

Spread the love

පළාත් පාලන මැතිවරණයේ කොළඹ මහනගර සභාවේ බලය හිමිකරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්විය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ඡන්ද 101,920 ක් ලබාගත් අතර ඔවුන්ට හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 24 කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 77,089 ක් ලබාගත් අතර මන්ත්‍රී ධූර 16 ක් හිමිවිය. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට හිමිවූ ආසන සංඛ්‍යාව 6කි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය මන්ත්‍රී ධූර 2 බැගින් හිමි කරගත්තේය. ස්වාධීන කන්ඩායම් අංක 01 සහ 02 මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද මන්ත්‍රී ආසනය බැගින් හිමිකරගෙන ති‍බේ.

කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ, දෙහිවල ගල්කිස්ස, මොරටුව මහ නගර සභා, කොළොන්නාව නගර සභාව සහ කොටිකාවත්ත / මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවෙහි බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය.

‍මොරටුව මහනගර සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය සතුකරගත්තේ මන්ත්‍රී ධුර 18 ක් හිමිකරගනිමිනි. එක්සත් ජාතික පක්ෂයට එහි මන්ත්‍රීධුර 9ක් හිමිවිය. ස්වාධින කණ්ඩායම හා ජනතා විමුක්ති පෙරමුණ ද මන්ත්‍රීධුරය බැගින් හිමිකර ගත්තේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේද ජය හිමිකර ගත්තේය. ඒ මන්ත්‍රී ධූර 16 ක් හිමිකරගනිමිනි. එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීධූර 11 ක් හිමිවූ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී ධූරය බැගින් හිමි කරගත්තේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය. එම මහනගර සභාවේ මන්ත්‍රීධුර 13 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනාගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති මන්ත්‍රීධුර සංඛ්‍යාව 5කි. ස්වාධීන කණ්ඩායම් අංක 03 මන්ත්‍රීධුරයක් දිනාගෙන ඇති අතර ලංකා සම සමාජ පක්ෂයටද මන්ත්‍රිධුරයක් හිමිවිය.

කොළොන්නාව නගර සභාවේද බලය හිමිවූයේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. එහි මන්ත්‍රිධුර 6 ක් නිදහස් සන්ධානය දිනාගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවූ මන්ත්‍රිධුර සංඛ්‍යාව 4 කි. ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට ද එක් මන්ත්‍රිධුරයක් හිමිවිය.

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බලය හිමිවූයේ ද එක්සත් නිදහස් සන්ධානයටයි. එහි ආසන 16 ක් නිදහස් සන්ධානය දිනාගනිද්දී එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ආසන 5 ක් පමණි.

Loading...

RSL

Related Posts