කොළඹ නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට ජනාධිපතිතුමා මුලින්ම ආරාධනා කළේ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට බව දිනමිණ අනාවරණය වෙයි.
මේ අපේක්ෂකත්වය බාර ගන්නැයි ජනාධිපතිවරයා කීපවිටක්ම කළ ඉල්ලීමට අකමැත්ත පළ කළ ප්‍රේමචන්ද්‍ර මහතා එය තමාට ජය ගැනීම දුෂ්කර බව ප්‍රකාශ කර ඇති බව එහි තව ඩුරටත් සඳහන්.
මහ මැතිවරණයෙන් මින් පෙර තරග කර පරාජයට පත් වූ බව ද ඔහු සිහිපත් කර ඇත. එතැනින් නොනැවතුණු ඔහු කොළඹ නගර සභා අපේක්ෂකත්වය තිලංග සුමතිපාලට හෝ දුමින්ද සිල්වාට දෙන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිට ඇති අතර මිලින්ද මොරගොඩ මහතාගේ නම අපේක්ෂකත්වයට ඉදිරිපත් කළේ ඉන් පසුව බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරතැයි එම පුවත් පතේ දක්වා ඇත.
Loading...