කොවිඩ්-19 ආසාදිත මරණ 66ක්

Spread the love

කොවිඩ්-19 ආසාදිතවූ පුද්ගලයින් 66 දෙනකු ඊයේ (20) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 

මියගිය අයගෙන් 53 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර 11 දෙනෙක් අවුරුදු 60 ත් 30 ත් අතර වයසේ පසුවන අතර අවුරුදු 30 ට අඩු  දෙදෙනෙක් ද මියගිය අය අතර වේ.

මියගිය අය අතරින් 30 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ ද 36 දෙනෙක් වන අතර ඊයේ වාර්තා වූ මරණ 66ත් සමග මෙරටින් වාර්තා වූ මුළු කොවිඩ්-19 ආසාදිත මරණ  සංඛ්‍යාව 12,284 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related Posts