කොවිඩ් -19 ආසාදිතයින්ගේ 15- 20%ක වර්ධනයක්

Spread the love

දෛනිකව වාර්තාව වන කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි  කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ හම්දානි මහතා, ‘‘ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දෛනිකව සියයට 15-20 අතර ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්වය නිසා ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන්  වැළකී  බුද්ධිමත්ව  කටයුතු කිරීම ඉතාම වැදගත්. මේ වන විට රෝහල්වල රෝගීන් සංඛ්‍යාව  7010ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එසේම ඔක්සිජන් මත යැපෙන රෝගීන්  105ෙක් සිටින අතර දැඩි සත්කාර ඒකකයන්හි 55 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සහ  දැඩි සත්කාර ඒකකයන්හි  ප්‍රතිකාර ලබන  රෝගින් සංඛ්‍යාව මේ වනවිට  යම් පහළ  මට්ටමක පවත්වාගෙන යෑමට හැකිවී  ඇත්තේ එන්නත්කරණයේ බලපෑම නිසයි. ඒ නිසා   එන්නත්කරණයට  වැඩි වැඩියෙන් යොමු  වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා‘ යැයි ද  අන්වර් හම්දානි මහතා  ප්‍රකාශ කළේය.

Related Posts