‘කොවිඩ් එන්නත නොගත් තරුණයින් සමාජය අවදානමේ හෙළනවා‘

Spread the love

තරුණයින් කොවිඩ් එන්නත ලබා ගැනීම දක්වන මැලිකම හේතුවෙන් සමාජය තුළ වෛරස් අවධානම ඉහළ නංවන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඩේලි මිරර් වෙබ් අඩවිය සමග අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ එන්නත් කිරීමේ මධ්‍යස්ථාන වෙත තරුණයින් පැමිණීම මේ වන විට ඉතා අඩු මට්ටමක පවතින බවයි.

තරුණයින්ට කොවිඩ්-19 බරපතළ අවධානමක් නොවිය හැකිය. නමුත් ඔවුන් එන්නත ලබා නොගැනීම තුළ කොවිඩ් 19 අවධානම අඛණ්ඩව පවතී.  සමාජය තුළ වෛරසය පවතී නම්, එයින් නව ප්‍රභේද ඇති විය හැකි බව යැයි ඔහු පෙන්වා දුන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත්කරණය අනුමත කර ඇත්තේ එය සම්පූර්ණයෙන් සමාජයෙන් තුරන් කළ හැකි නිසා බවත් එබැවින් තවදුරටත් ප්‍රමාදයකින් තොරව එන්නත ලබා ගැනීමට තරුණයින් සහ සෙසු අය උනන්දු කිරීම අත්‍යවශ්‍ය බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැවසීය.

Related Posts