කොවිඩ් ආසාදිතයින්ගේ සහ මරණවල විශාල පහළ බැසීමක්

Spread the love

දිනපතා වාර්තා වන COVID-19 රෝගීන්ගේ තියුණු අඩුවීමක් දක්නට ලැබෙන අතර රෝහල් ගත කිරීමේ සංඛ්‍යාව ද බෙහෙවින් අඩු වී ඇති බව බෝවන රෝග රෝහලේ (අයිඩීඑච්) ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ සජීවී රූපවාහිනී වැඩසටහනකදී ඔහු මේ බව සදහන් කළේය.

සංචරණ සීමා පැනවීම හා එය සැලකිය යුතු කාලයක් දීර්ඝ කිරීම මෙම වෙනසට හේතුවූ බවයි විජේවික්‍රම මහතා පෙන්වා දුන්නේ.

“අනාගතයේදීත් එම වේගය පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි,” ඔහු පැවසීය.

මරණ සංඛ්‍යාව අවම කිරීම සඳහා එන්නත් ලබා ගැනීමේ වැදගත්කම ද වෛද්‍ය විජේවික්‍රම අවධාරණය කළේය.

සති කිහිපයක් පුරා දෛනිකව කොවිඩ් රෝගීන් 2,500කට අධික ප්‍රමාණයත් වාර්තා වූ නමුත් එම සංඛ්‍යාව ඊයේ (18) 1,986 දක්වා අඩු විය. දින 50 කට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 2000ට අඩුවෙන් වාර්තා වූයේ ඊයේ දිනයේදීය.

‘ආසාදිතයින් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව ද සැලකිය යුතු පහළ යමින් තිබෙනවා. මෙය යහපත් තත්ත්වයක් ‘ඔහු පැවසුවේය.

මෙම සාකච්ඡාවට එක් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මාලවිගේ මහත්මිය පැවසුවේ මේ වන විට ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල COVID-19 ප්‍රභේදය අතර නිශ්චිත වෙනසක් නොමැති බවයි.

“කෙසේ වෙතත්, අනාගතයේදී එන නව ප්‍රභේද කුමක් වුවත්, එන්නත් මඟින් සියලුම නව ප්‍රභේද වලින් ආරක්ෂාව සපයයි,” ඇය අවධාරණය කළාය.

ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ සජීවී රූපවාහිනී වැඩසටහනකදී විශේෂඥයින් මෙම අදහස් පළ කළහ

Related Posts