කොටි ඉන්ධන ටැංකියක් පුදුකුඩිරිප්පුවෙන්

Spread the love

යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානය භාවිතා කොට මුලතිව් පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක වළදමා තිබූ ඉන්ධන ටැංකියක් මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සරවනරාජා මහතා ඉදිරියේ ගොඩගනු ලැබීය.

මුලතිව් යුද හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත පුදුකුඩිරිප්පු පොලිසිය හා එක්ව අධිකරණ නියෝග මත සිදුකළ කැණීම් වලදී මෙම ඉන්ධන ටැංකිය සොයාගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය පැවසීය.

දිගින් අඩි 16.7 සහ අඩි අටක විශ්කම්භයෙන් යුත් මෙම ඉන්ධන ටැංකිය පසුගිය යුද සමයේ එල්.ටි.ටි.ඊ සංවිධානයට අවශ්‍ය ඉන්ධන රැස්කිරීම සඳහා යොදාගත් ඉන්ධන ටැංකියක් බවට අනාවරණයවී තිබේ.

වසර 15කට අධික කාලයක් පොළව අභ්‍යන්තරයේ තිබීම හේතුවෙන් හා ඇතැම් ස්ථාන දිරාපත්ව තිබීම ඉන්ධන ටැංකියට හානි සිදුව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

පුදුකුඩිරිප්පු පොලිසිය , යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය පැය කිහිපයක් බැකෝ යන්ත්‍ර යොදාගනිමින් කැණීම් සිදුකළ අතර දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් පසු ඉන්ධන ටැංකිය පොළව මතුපිටට ගැනීමට සමත්විය.

හමුවූ ඉන්ධන ටැංකිය වැඩිදුර ආරක්ෂාව සඳහා පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා එහිදී ආරක්ෂක අංශ වෙත නියෝග කළේය.

Related Posts