කුරුළු උණ යළිත් හිස ඔසවයි

Spread the love

කුරුලු උණ යළිත් ආසියානු කලාපය තුළ පැතිර යමින් පවතින බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවයි.

විශේෂයෙන්ම චීනය, වියට්‌නාමය, තායිලන්තය, මලයාසියාව හා කාම්බෝජය යන රටවල මෙය පැතිර යැම ආරම්භව ඇති අතර මේ වන විට අටදෙනකු කුරුලු උණ රෝගයෙන් මේ වසරේ මියගොස්‌ ඇත.

2003 වසරේ සිට මේ දක්‌වා කුරුලු උණ රෝගයෙන් මියගිය මිනිසුන් සංඛ්‍යාව 331 ක්‌ වන අතර කුරුලු උණ රෝගය නිසා ලොව පුරා කුකුළන් මිලියන 400 ක්‌ විනාශ විය. එහි ආර්ථිකමය පාඩුව ඩොලර් මිලියන විසිදහසක්‌ යැයි සැලකේ.

මේ අතර ලෝක ආහාර සංවිධානය රටවල්වලට දන්වා ඇත්තේ කුරුලු උණ පැතිර යැම පාලනය සඳහා වහාම පියවර ගන්නා ලෙසටයි.

RSL

Related Posts