‘කුමන බාධා පැමිණියත් 21දා පාසල් ආරම්භ කරනවා‘- අධ්‍යාපන ඇමති

Spread the love

කුමන බාධා පැමිණියත් ලබන 21 දින වෙනිදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට අඳහස් දක්වමින් මේ බව පැවසීය.

අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිති ඉදිරියේ පැහැදිළි තීරණය ප්‍රකාශ කළ බවත් එය අවසාන තීරණය බවත් ලබාදීමට හැකි මුදල් ප්‍රමාණය අනුව මෙම කටයුත්ත ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

පාසලට නොපැමිණෙන ගුරුවරු ඇති නොවේවා..!” යැයි තමන් ප්‍රාර්ථනා කරන බව කී අමාත්‍යවරයා,නිදහස් අධ්‍යාපනයේ උත්තරීතර අයිතිය දරුවන්ට තිබෙන බවත් මේ අධ්‍යාපනය කිසිවෙකුට නොදී සිටිය නොහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
දැනටමත් අභ්‍යාසලාභී ගුරුවරු 20,000ක් පුහුණුව ලබන බවත් ඒ සියලු දෙනාට පැමිණීමට ඉඩකඩ ඇති කර තිබේ. දැනට පාසල් පවිත්‍රකරණ කටයුතු ආරම්භ කර තිබෙන බවද  සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

Related Posts