කැලණිය විශ්වවිද්‍යාලයේ “බිහිදොර අභියස” කලා උළෙල සඳහා ආධාර එකතුකරමින් සිට එම විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පැය 3ක් පමණ රදවා තබා ගත් බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ප්‍රකාශ කරයි.
අත්අඩංගුවට ගත් සිසුන් අතර ශිෂ්‍යාවන් 5ක් සහ භික්ෂූන් වහන්සේලා දෙනමක්ද සිට ඇත. කෙසේ වෙතත් එසේ රදවා තබා ගැනීමට හේතුව පොලීසිය ඔවුන්ට දැනුම්දී නොමැති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනය කරයි.
මීට පෙරද මේ ආකාරයෙන්ම දෙහිවල උසස් තාක්‍ෂණ ආයතනයේ සිසුන් පිරිසක්ද අත්අඩංගුවට ගෙන තිබුණි.
Loading...