කැරලිකරුවන් ආයුධ සන්නද්ද වෙන්න සුදානමක

Spread the love

පාර්ලිමේන්තුවෙන් පිටත පාලනයක් ඉන යාමට කැරලිකරුවන්ට අවශ්‍ය පරිදි ඉඩ ලබාදිය නොහැකි බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට නොහැකි නිසා රාජ්‍ය දේපලවලට හානි කරමින් ආයුධ අතට ගැනීමට පුද්ගලයන් පිරිසක් බලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.ඔවුනට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලය කැරලිකරුවන්ගෙන් හමුදා විසින් මුදා ගනු ලැබුවේ රාජ්‍යය ආරක්ෂා කිරීමට පැවරුණු රාජකාරිය වෙනුවෙන් බව ද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අරගලයේ මතවාදය ඉදිරියට ගෙන යාමට කිසිදු බාධාවක් නැති බවත් පැවසූ ඔහු ‘ගෝඨා ගෝ ගම’ විරෝධතා පරිශ්‍රය ඉවත් නොකරන බවද කියා සිටියේය.

කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

RSL

Related Posts