
නීරෝගී පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇති අතර ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම වැදගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පස්වරුවේ පැවසීය.
කාබනික පොහොර සහ කාබනික වගාව පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති විද්වත් හමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ගොවිජනතාව තුළ මේ සම්බන්ධයෙන් වැරදි මතවාදයක් නිර්මාණය කර ඇති බැවින් ඔවුන්ව දැනුවත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
පාසල් සහ පන්සල් කේන්ද්‍රකර ගනිමින් කාබනික වගාවට දරුවන් හා ජනතාව හුරුකරවීම සඳහා අදාළ අමාත්‍යංශ සමඟ සාකච්ඡා කර තීරණයකට එළඹෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කාබනික වගාව රට තුළ ව්‍යාප්ත කිරීම සඳහා විද්වතුන්ගේ සහය ලබා දීම අගය කරන බව පැවසූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා කාබනික වගාව සංවර්ධනය කිරීම පිළිබඳ පැහැදිලි ස්ථාවරයක සිටින බව කියා සිටියේය.
ක්‍රමවත් වැඩපිළිවෙලක් තුළින් රට තුළ නීරෝගීමත් ජනතාවක් බිහිකර ගැනීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
විගණකාධිපති වාර්තාව අනුව විෂ ද්‍රව්‍ය 200ක් පමණ මෙරටට ගෙන්වනවා. මෙමගින් මුල්‍ය වාසි සහ වෙනත් වරප්‍රසාද ලබන පිරිස කාබනික වගාව ප්‍රචලිත කිරීමට එරෙහිව විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා” යැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

වසර 60කට වැඩි කාලයක් මෙරට වගාව රසායනික භාවිතයට හුරුවීමෙන් ජනතාවගේ සෞඛ්‍ය පිරීහිමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙහි දී පැවසීය.
“කාබනික වගාවට හිතකාමී සතුන් මෙන්ම පස ද විනාශ වී ඇති බවත් වගාවන්ට යොදන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ජල දූෂණය මෙන්ම පරිසර දූෂණයද වර්ධනය වී තිබෙනවා.
විගණකාධිපති වාර්තාව අනුව විෂ ද්‍රව්‍ය 200ක් පමණ මෙරටට ගෙන්වනවා. මෙමගින් මුල්‍ය වාසි සහ වෙනත් වරප්‍රසාද ලබන පිරිස කාබනික වගාව ප්‍රචලිත කිරීමට එරෙහිව විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා” යැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.
රසායනික පොහොර භාවිතය හේතුවෙන් ගොවියන් අන්ත දුප්පතුන් බවට පත්ව ඇති බවත් මෙරට වකුගඩු රෝගීන් සහ පිළිකා රෝගීන් දිනෙන් දින වර්ධනය වන බවත් කී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා, රසායනික භාවිතය සහ විෂ ආහාර භාවිතය හේතුවෙන් දිනකට පිළිකා රෝගීන් 50ක් පමණ මිය යන බව පෙන්වා දුන්නේය.
ළමයින් වෙනුවෙන් දියවැඩියා සායන පවත්වන තත්ත්වයට පත්වීම, දරුවන්ගේ මන්දපෝෂණය සහ අංගවිකල දරුවන් බිහිවීම ඉහළ යාම දක්වා මෙම තත්ත්වය හේතුවී ඇතැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කියා සිටියේය.
වී සහ තේ වගාවන් සඳහා අවශ්‍ය පොහොර මේ වන විටත් රට තුළ තිබෙන බවත් වෙළදුන් සහ අපනයනකරුවන් පොහොර වෙළඳ පොළට නිකුත් නොකර බොරු පොහොර හිඟයක් නිර්මාණය කරමින් සිටින බවත් මෙහි පැමිණ සිටි නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.
මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර කිසිදු හිඟයකින් තොරව ලබාදීය හැකි බවත් ගොවීන් 20%ක් පමණ මේ වන විටත් කාබනික පොහොර නිෂ්පාදනයට යොමුව ඇති බවත් නිලධාරීහු පෙන්වා දුන්හ.
රසායනික පොහොර භාවිතයට වඩා කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි අතර කාබනික එළවළු සහ පලතුරු සදහා ඉහළ ඉල්ලුමක් මෙන්ම ඉහළ මිලක් නිර්මාණය වී ඇති බව සාකච්ඡාවකට එක්වූ නිලධාරීන් කියා සිටියේය.
විදේශීය වෙළඳ පොළ තුළ ඇති ඉහළ ඉල්ලුම හේතුවෙන් කියුබාව, ස්විට්සර්ලන්තය වැනි රටවල් මේ වන විටත් කාබනික වගාවට යොමුව ඇති බව මෙම හමුවේ දී හෙළිවිය.

බොහෝ දිස්ත්‍රික්වලට මේ වන විටත් 95%ක් පමණ පොහොර ලබා දී ඇති අතර කාබනික නිෂ්පාදන වැඩි මිලකට මිලදී ගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව කී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාඩු සිදු වුවහොත් ඒ සඳහා රජය ගොවීන්ට ආධාර ලබා දෙන බවට විශ්වාසය පළ කළේය.
විදේශීය තානාපති කාර්යාල 12ක් පමණ මේවන විට කාබනික වගාවට අවශ්‍ය සහය ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර සැප්තැම්බර් මාසය වන විට කාබනික වගාවට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර අවසන් කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, වැවිලි අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ,දේශගුණය විපර්යාසයන්ට තිරසර විසඳුම් සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකායේ ලේකම් ජේ.ඒ රංජිත්, කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ජේෂ්ඨ මහාචාර්ය ජේ.එම්. උදිත කේ ජයසිංහ, කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන සැපයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් එම්.එන් රණසිංහ, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල් අබේරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී එස් එම් ඒ බී පාදෙණිය, තිරසර සංවර්ධන සභාවේ සභාපති ක්‍රිස් ධර්මකීර්ති, කෘෂිකර්ම අමාත්‍යතුමාගේ කාබනික පොහොර උපදේශක මහාචාර්ය ප්‍රියන්ත යාපා මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සහභාගී වී සිටියහ.