කරුණු දෙකක් මත දුමින්දගෙන් ප්‍රශ්න කරන්න බැහැ – ලක්‍ෂමන් හුළුගල්

Spread the love

දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගැනීම සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ අවසරයකින් තොරව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගෙන් කටඋත්තර ලබා ගත නොහැකිවීම යන කාරණා දෙක මත දුමින්ද සිල්වා මහතාගෙන් මේ වන තෙක් කට උත්තර ගෙන නැති බවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂමන් හුළුගල්ලේ මහතා පවසයි.

කෙසේවුවද, දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය හොඳ අතට පත්වීමෙන් පසු ඔහුගෙන් කට උත්තර ගැනීමට පොලිසිය සූදානමින් සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

දැනට ඔහුගේ තත්ත්වය හොඳ අතට පත්වෙමින් පවතින අතර කතාබහ කිරීමට පහසු තත්ත්වයක්‌ ඇති වුවහොත් මෙසේ කට උත්තර ගන්නා බව පොලිසිය වාර්තා කරයි.

Loading...

RSL

Related Posts