කබ්රාල්ට එරෙහි විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ

Spread the love

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පවා පනවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් අද (24) අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වන්නේ.

2006 වසරේ සිට 2015 වසර දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

Related Posts