කඳුළු ගෑස් සොරකමේ ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට

Spread the love

ජුලි 13 වැනිදා පොල්දූව මංසන්ධියේදී ආරක්ෂක අංශ නිලධාරීන්ට පහරදීමෙන් පසු විරෝධතාකරුවන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය කඳුළු ගෑස් කැනිස්ටර් 50ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (17) ඔබේසේකරපුර නානායක්කාර මාවතේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බොරැල්ල ගෝතමී පාරේ ඔහු පදිංචිව සිටි තාවකාලික නිවසේ තිබී කඳුළු ගෑස් ප්‍රහාර 50ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු පොළොන්නරුව කාශ්‍යපපුර ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පෙදරේරුවෙකු ලෙස සේවය කරන අයෙකු බවට ප්‍රසිද්ධ මාධ්‍ය අනාවරණය කරයි. ඔහු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවට තවදුරටත් වාර්තා වේ.

RSL

Related Posts