කන්දකාඩු සිද්ධිය සම්බන්ධයෙන් ජනපති වාර්තාවක් ඉල්ලයි

Spread the love

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයා විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේම ජනාධිපතිවරයා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේ.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (06) රාත්‍රියේ දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබූ අතර එහිදී රැඳවියන් 50 කට ආසන්න පිරිසක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් ඇති අතර, ඔවුන් සෙවීමට යුද හමුදා විශේෂ මෙහෙයුමක් මේ වනවිට දියත් කර තිබෙනවා.

Related Posts