
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 50කට ආසන්න සංඛ්‍යාවක් පළාගොස් තිබෙනවා.
පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර මෙලෙස රැඳවියන් පිරිසක් පළාගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව පළාගිය පිරිස සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.