කතානායක අශෝක රන්වල ඉල්ලා අස්වෙයි

Spread the love

කතානායක අශෝක රන්වල මහතා සිය ආචාර්ය උපාධි සුදුසුකම් සම්බන්ධයෙන් මතුව ඇති මතභේද මධ්‍යයේ කතානායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැහැදිලි කළේ ජපානයේ Waseda විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයක් විසින් පිරිනමනු ලබන ආචාර්ය උපාධිය පිළිබඳ ලේඛනමය සාක්ෂි ඉදිරිපත් කිරීමට තමාට දැනට නොහැකි බවයි.

කෙසේ වෙතත් පර්යේෂණ ආයතනය එම සහතිකය තමා වෙත එවූ පසු එම ලේඛන සාක්ෂි නිකුත් කරන බවද ඔහු අවධාරණය කළේය.

රජය අපහසුතාවයට පත් කිරීමට හෝ රජය කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related Posts