ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ කටාර් බලධාරීන් විසින් කටාර්හි දින 70 කට වැඩි කාලයක් රඳවාගෙන සිටින ඉන්දීය ජාතිකයන් අට දෙනෙකුගේ පවුල් සමඟ ඉන්දියාව නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික ආයතනයක සේවය කරන හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් බව වාර්තා වේ .

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසුවේ නව දිල්ලිය සහ දෝහා අතර “හොඳ ද්විපාර්ශ්වික සබඳතා” පවතින බවත් රජය තවත් වටයක කොන්සියුලර් ප්‍රවේශයක් ඉල්ලා ඇති බවත් ය.

ඉන්දියාව නඩුව සමීපව අධ්‍යනය කරන බව බග්චි පැවසුවේය. සම්පූර්ණ විස්තරය නොදැන නීතිමය ප්‍රශ්න අදහස් දැක්වීම ඔහු ප්‍රතික්ෂේප කළේය. තවද ඔවුන් වෙත කොන්සියුලර් ප්‍රවේශය සඳහා උත්සාහ කරන බව බග්චි පැවසුවේය. ”බග්චි සතිපතා මාධ්‍ය හමුවේදී කළ විමසුමකට පිළිතුරු දෙමින් පැවසූයේ ඉන්දීයාව කටාරය සමඟ හොඳ ද්විපාර්ශ්වික සබඳතා පවත්වන බවයි.

මෙම පුද්ගලයින් අට දෙනා කටාර් එමීරි නාවික හමුදාවට ප්‍රවාහන හා උපකරණ නඩත්තු කිරීම වැනි පුහුණුව සහ සේවා සැපයීම සඳහා පුද්ගලික සමාගමක සේවය කරමින් සිටියහ යැයි පවතින වාර්තා කරුණු දක්වයි.

මේ වසරේ ජුලි මාසයේ සිට කෙන්යාවේ අතුරුදන් වූ ඉන්දීය ජාතිකයන් දෙදෙනා පිළිබඳ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බග්චි පැවසුවේ, මෙම නඩුව කෙන්යානු බලධාරීන්ගේ “ක්‍රියාකාරී විමර්ශනය” යටතේ පවතින බවයි.

ඉන්දීය විමර්ශන කණ්ඩායමක් නොවැම්බර් 1 සිට 3 දක්වා නයිරෝබි සංචාරයක නිරත වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔවුන් කෙන්යානු රජයේ මහජන නඩු පවරන දෙපාර්තමේන්තුව සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරින් හමුවිය. ඔවුන් මෙම නඩුවේ DNA විශ්ලේෂණය හෝ වෝහාරික විශ්ලේෂණ ඇතුළුව, කෙන්යානු පාර්ශ්වයට තම විමර්ශනය සිදුකිරීමට අවශ්‍ය විය හැකි සියලුම සහාය ලබා දුන් බව බග්චි පැවසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පෙන්වා දුන්නේ මෙම නඩුව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතා සමීපව අධ්‍යනය කරමින් සිටින අතර විපතට පත් පවුලේ සාමාජිකයන් සමඟ ද නිරන්තරයෙන් සොයා බලමින් සම්බන්ධකම් පවත්වන බවයි.

තවද කොන්සියුලර් ප්‍රවේශ වට කිහිපයක් ලබා ගැනීමට අපට හැකි වී ඇත. ඔවුන් සිටින්නේ සමක ගිනියාවහි බවය.

අප්‍රිකාවේ වෙළඳ නෞකාවක සිරවී සිටින ඉන්දීය නාවිකයින් 16 දෙනෙකු පිළිබඳ වෙනම ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බග්චි පැවසුවේ ඉන්දීය තානාපති කාර්යාලය නාවිකයන් සමඟ සම්බන්ධ වී සිටින බවයි. තවද කොන්සියුලර් ප්‍රවේශ වට කිහිපයක් ලබා ගැනීමට හැකි වී ඇති බව අරින්දම් බග්චි පැවසීය. මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු පැවසුවේය ඔවුන් සිටින්නේ සමක ගිනියාවහි බවය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්