ඕස්ට්‍රේලියානු හරිත පක්ෂය ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාමාර්ග ගැනීමට සැරසේ

Spread the love

ශ්‍රී ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන්නයි ඕස්ට්‍රේලියාවේ හරිත (Green) පක්ෂය ඉල්ලා ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්විය යුතු බව එම පක්ෂයේ මතය වී ඇත.
අද දින මේ සම්බන්ධ ක්‍රියාමාර්ග ඇරඹීමට තීරණය කර ඇතැයි එම පක්ෂය වැඩිදුරටත් පවසා තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් මානව හිමිකම් ක්‍රියාධරයින් සහ නීති විශාරදයින් හමුවී සාකච්ඡා පැවැත්වීමටද ඕස්ට්‍රේලියානු හරිත පක්ෂය විසින් තීරණය කර ඇතැයිද මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරන විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත මෙම වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැමිණෙන්නන්ගේ වීසා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන්ද සළකා බලමින් සිටින බව එම පක්ෂයේ සෙනට් සභික ලී රිහානන් මහතා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා රජයට සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව  එල්ල වී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම පිළිබඳව පසුගිය ජුලි අර්බුදයේදී තම පක්ෂයේ සෙනට් සභාව වෙත ඉදිරිපත් කළ මෝසම ඒකමතිකව සම්මත වූ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

RSL

Related Posts