එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ලිබියාවට එරෙහිව සම්බාධක ලිහිල් කරනු ලැබ තිබේ.
මේ යටතේ ලිබියානු මහ බැංකුවට සහ එරට ඉන්ධන සමාගම්වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක ලිහිල් කෙරෙනු ඇති.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය, ලිබියාවේ අන්තර්වාර පාලන කවුන්සලය පිළිගෙන තිබේ.
රටවල් 163ක සාමාජිකත්වයෙන් යුත් මහාමණ්ඩලයේදි මේ සඳහා පැවති ඡන්ද විමසීමේදි ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 114කි. විපක්ෂව ඡන්ද 17ක් ලැබුණු අතර තවත් 15දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියේය.
Loading...