එළවළු සහ පළතුරු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීමට යයි

Spread the love

ප්ලාස්ටික් කූඩ භාවිත නොකිරීම හේතු කොට ගෙන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන  එළවළුවලින් 35%ක් සහ පලතුරුවලින් 45%ක් ප්‍රවාහනයේදී  අපතේ යන බවත් එම නිසා ඉදිරි කාලයේ දි එළවළු සහ පළතුරු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීමට කටයුතු කරන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් ආචාර්ය ඩී.බී.ටී. විජේරත්න මහතා පැවසූ බව වාර්තා වේ.

ඒ මහතා මෙසේ සඳහන් කර ඇත්තේ පේරාදෙනිය ගන්නෝරුවේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ පසුගියදා පැවැති මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා ප්ලාස්ටික් කූඩ මිල දී ගැනීමට ලොකු වියදමක් දැරීමට සිදු නොවන බවත් ඒ තුළින් ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය අවම කරගත හැකි බවත් පෙන්වා දුන්නේ ය. ඒ පිළිබඳ ව ගොවීන් සහ ව්‍යාපාරිකයින් තම ආකල්ප වෙනස් කරගත යුතුයි. දියුණු රටවලට සාපේක්ෂ ව අපේ රටේ එළවළු සහ පලතුරු මිල අඩු මට්ටමක පවතින බවත් ඔහු තවදුරත් සඳහන් කලේය.

RSL

Related Posts