
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂයේ (යූඑන්පී) ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
පසුගිය මහ මැතිවරණයේදී පක්ෂය විසින් ලබාගත් ජාතික ලැයිස්තු ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා යෝජනා කළ අතර මෙම දිවුරුම් දීම මහ මැතිවරණයෙන් පසු වසරකට අධික කාලයකට පසු සිදුවීම විශේෂත්වයකි. වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට හිමි එකම මන්ත්රී ධුරය මෙම ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය පමණකි.