එජාපයෙන් පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිල්ලක්

Spread the love

එක්‌සත් ජාතික පක්‍ෂය මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත පැමිණිලි කරමින් කියා සිටින්නේ පළාත් පාලන මැතිවරණය නිදහස්‌ සහ සාධාරණව පැවැත්වීමට නම් ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ හා නායකයන්, ක්‍රියාකාරීන්, රාජ්‍ය සම්පත් පාවිච්චි කිරීම වහා නතර කළ යුතු බවත් ආණ්‌ඩුවේ දේශපාලන පක්‍ෂ මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති උපදෙස්‌ සියල්ල කඩ කරමින් ක්‍රියාකරමින් සිටින බවත්ය.

තවදුරත් එ.ජා.ප.ය පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ පක්ෂ මෙලෙස නීති විරෝධී අයුරින් කටයුතු කිරීම නිදහස් සහ සාධාරණ මැතිවරණයකට දැඩි බලපෑමක් ඇති කරනු ඇති බවයි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ආණ්‌ඩුවේ දේශපාලනඥයන් රාජ්‍ය වාහන, ගොඩනැගිලි, කාර්යාල පහසුකම් ඇතුළු සම්පත් රැසක්‌ මේ වන විට පරිහරණය කරමින් සිටින බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත දැනුම් දී තිබේ.

මීට අමතරව ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු අපේක්‍ෂකයන් පමණක්‌ රැස්‌කර ගනිමින් විවිධ ආධාර බෙදා හැරීම්. ප්‍රතිසංස්‌කරණ කටයුතු ආදිය සිදුකරන බැවින් ඒ සියල්ල නතර කරන ලෙසද කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලා ඇත.

RSL

Related Posts