සඳුදා නවදිල්ලියේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ක්සබා කෝරෝසි හමුවීමේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය. එහිදී අගමැති නරේන්ද්‍ර මෝදි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු බහුපාර්ශ්වික පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.සමකාලීන භූ දේශපාලන යථාර්ථයන් සැබෑ ලෙස පිළිබිඹු කිරීමට මෙය අවශ්‍ය වූ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ඉන්දීය අගමැති මෝදි ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති ක්සබා කෝරෝසි පිළිගැනීමට ලැබීම ගැන සතුටු වන බවයි. තවද මෙම හමුව මගින් එක්සත් ජාතීන් ඇතුළු බහුපාර්ශ්විකත්වය සඳහා ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කළ බවයි. එමෙන්ම ගෝලීය ජල සම්පත් සංරක්ෂණය කිරීමේ සහ ප්‍රශස්ත කිරීමේ වැදගත්කම ද සාකච්ඡා කළ බව එහි වැඩිදුරටත් සදහන් තිබිණි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි 77 වන සැසිවාරයේ සභාපතිවරයා ගෝලීය ආයතන ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රයත්නයන්හිදී ඉන්දියාව ප්‍රමුඛස්ථානයේ සිටීමේ වැදගත්කම ද අවධාරනය කළ බව නිල මාධ්‍ය නිවේදනයක දැක්වේ.

රැස්වීම අතරතුර, ජල සම්පත් කළමනාකරණය සහ සංරක්ෂණය ඇතුළු ප්‍රජාවන් සඳහා ඉන්දියාවේ පරිවර්තනීය මුලපිරීම් කොරෝසි අගය කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හි 77 වන සමුළුවේ සභාපතිවරයා 2022 දී බලයට පත්වීමෙන් පසු ඔහුගේ පළමු ද්විපාර්ශ්වික සංචාරයේ යෙදී සිටී.

බලයට පත්වීමෙන් පසු ඉන්දියාව සිය පළමු ද්විපාර්ශ්වික සංචාරය බවට පත් කිරීම ගැන කොරෝසිට ස්තූති කළ අගමැති මෝදි, ගෝලීය ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ ඔහුගේ ප්‍රවේශය අගය කළේය.

එක්සත් ජාතීන්ගේ 2023 ජල සම්මන්ත්‍රණය ඇතුළු 77 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අතරතුරදී ඔහුගේ සභාපති ධූරයේ මුලපිරීම් සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඔහු කෝරෝසි වෙත සහතික වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්