ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ ඔක්තෝබර් 18 සිට 20 දක්වා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් නිල සංචාරයක් සඳහා ඉන්දියාවට සම්ප්‍රාප්ත වන බවය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මීට පෙර 2018 ඔක්තෝබර් 1 සිට 4 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය දක්වන අන්දමට ඔහුගේ දෙවන නිල කාලය 2022 ජනවාරි මාසයේදී ආරම්භ වීමත් සමඟ ඉන්දියාවට සිදුකරන පළමු සංචාරය මෙය වනු ඇත.

මුම්බායි හි ටාජ් මහල් පැලස් හෝටලයේදී 26/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයට උපහාර දැක්වීමෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සිය ඉන්දීය සංචාරය ආරම්භ කරනු ඇත. මෙම සංචාරය අතරතුර ඔහු විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉන්දීය හවුල්කාරිත්වය: දකුණු-දකුණු සහයෝගීතාවය ශක්තිමත් කිරීම” යන මාතෘකාවෙන් ප්‍රසිද්ධ දේශනයක් ද පවත්වනු ඇත.

පසුව, ඔක්තොම්බර් 20 වෙනිදා, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ගුජරාට්හි එක්තා නගර්, කෙවාඩියා හිදී ජීවිත මෙහෙවර (පරිසරය සඳහා ජීවන රටාව) අත් පත්‍රිකාව, ලාංඡනය සහ පාඨය එළිදැක්වීමේ අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ එක්වනු ඇත.

ඔහු කෙවාඩිය ප්‍රදේශයේ පිහිටි එකමුතු ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීමට ද නියමිතය.එමෙන්ම ගුජරාටයේ පළමු සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගම්මානය වන මෝදේරා වෙත නිරීක්ෂණ සංචාරය නිරත වනු ඇත. මීට අමතරව, ඔහු අනෙකුත් ප්‍රාදේශීය සංවර්ධන මුලපිරීම් මෙන්ම ඔහුගේ මීළඟ නැවතුමට පිටත්ව යාමට පෙර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මෝදේරා හි සූර්ය කෝවිල නැරඹීමට ද නියමිත බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් අතර හමුවක් පැවැත්වෙනු ඇත. මෙම හමුවේදී ගෝලීය අභියෝග, විශේෂයෙන්ම ඉන්දියාවේ අනාගත ජී-20 සභාපති ධූරය හරහා ඉන්දියාව එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ශක්තිමත් කිරීමේ මුලපිරීම් සහ බහුපාර්ශ්විකත්වය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව නායකයන් විසින් පුළුල් ලෙස සාකච්ඡා පවත්වනු ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්