එක්ව වැඩ කළ යුතු යයි පැවසීම මගේ දුර්වලතාවයක් නොවේ – කොළඹ පුරපති

Spread the love

කොළඹ මහනගර සභාවේ සිය ධුරයේ වැඩ භාර ගැනීම වෙනුවෙන් ඊයේ (01 නොවැ.) පැවති උත්සවය අමතමින් කොළඹ පුරපති ඒ.ජේ.එම් ‍මුසාම්මිල් මහතා පැවසුවේ කොළඹ මහනගර සභාවේ කටයුතුවලදී එක්ව ක්‍රියා කිරීමට සුදානම් බව ප්‍රකාශ කිරීම තමන්ගේ දුර්වලතාවයක් ලෙස නොසලකන ලෙසයි.

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙසේ සඳහන් කළේය.

“ජනතාව ජයග්‍රහණය කළා. ඒ නිසා මුසම්මිල් මැතිතුමා අද නගරාදිපති හැටියට දිවුරුම් දීලා නැඩ භාර ගන්නේ ඒ වැඩ කටයුත්ත ඉෂ්ඨ කරන්න. නොවැම්බර් 07වැනිදා ඒ වැඩ කටයුත්ත ඉෂ්ඨ කරන්නයි අනිත් නගර සභිකයින් දිවුරුම් දීලා නගර සභාව ක්‍රියාත්මක කරන්න. ඒ වරම මුළු නගර සභාවෙම ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ජනතාවගේ පොදු ජනතාවගේ බලය ඒ සඳහා යොදවන්න සිදුවෙයි කියලා මට ප්‍රකාශ කරන්න තියෙනවා”

මේ අතර එහිදී අදහස් දක්වමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මෙසේ පැවසීය.

“රජයේ ආයතනත් එක්ක ප්‍රතිපක්ෂත් එක්ක අපි ඒකරාශි වෙලා එක්සත්ව වැඩ කරන්න අපට ලෑස්තියි පුළුවන් නමුත් අපට එහෙම කියනකොට එය අපේ දුර්වලකමක් හැටියට හිතන්න එපා . එහෙම මනින්න එපා”

Loading...

RSL

Related Posts