එක්නැලිගොඩ ගැන හිටපු නීතිපති කළ ප්‍රකාශය සැකසහිතයි

Spread the love

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක දේශපාලන රැකවරණ ලබමින් සිටින බවට තොරතුරු ඇතැයි හිටපු නීතිපති මො‍හාන් පීරිස් කළ ප්‍රකාශය ගැන සිය අවධානය යොමුව ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

එම ව්‍යා‍පාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මොහාන් පීරිස් ජිනිවාහිදී වද හිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම ප්‍රකාශය කර ඇති බවය. හිටපු නීතිපතිවරයා, ප්‍රදීප් එක්නැලිගොඩ ජීවතුන් අතර සිටින බව පවසා ඇතත් ඔහු සිටින ස්ථානයක් හෝ දේශපාලන රැකවරණ ලබාදී ඇති රට සම්බන්ධකිසිවක් ප්‍රකාශ නොකිරීම ගැටලුවක් බව අදාළ නිවේදනයේ සදහන් වේ. මොහාන් පීරිස් ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ නීති උපදේශකවරයෙකු මෙන්ම දූත මණ්ඩල සාමාජිකයෙකු ද වන බැවින් එකී ප්‍රකාශය තහවුරු කිරිම ඔහුගේ මෙන්ම රජයේ ද වගකීමක් බව එම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී වසර 2ක් ගතවී ඇතත් එය අදටත් අබිරහසක් බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙන්නේ හිටපු නීතිපතිවරයාගේ ප්‍රකාශය සත්‍ය නම් එය සනාථ කිරිම සඳහා රජයට අනගි අවස්ථාවක් උදා වී ඇති බවය.

මේ පිළිබඳව පොලිසියේ අවධානය ද යොමුවනු ඇති බව තමන් අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව මොහාන් පිරීස්ගෙන් විධිමත් ප්‍රකාශයක් ලබාගෙන ප්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ නිරීක්ෂණය හා නිගමනය හෙළිදරව් කළ යුතුව ඇතැයි ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්

RSL

Related Posts