හේතුවෙන් මීටර් 100 පිරිමි ධාවන
ඉසව්වේ ලෝක සහ ඔලිම්පික් ශූර
උසෙයින් බෝල්ට්ට මෙවර ලෝක
ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ
මීටර් 100 අවසන් තරඟය අහිමිව
ගියේය.
මූලික තරඟයෙන් අනතුරු උසෙයින් බෝල්ට් මාධ්‍ය හමුවේ පැවසුවේ පසුගිය වතාවේදී මෙන් මෙවර ද මීටර 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තමාට හැකියාවක් තිබෙන බවයි. නමුත් ඔහුට එය අහිමි වී ගියේ වැරදි ආරම්භයක් ලබා ගැනීම හේතුවෙනි.
තත්පර 9.2 ක කාලයක් වාර්තා කරමින් උසෙයින් ජැමෙයිකාවේම යොහාන් බ්ලේක් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය. දෙවැනි ස්ථානය අමෙරිකාවේ වෝල්ටර් ඩික්ස්ට හිමිවිය.
මෙවර ලෝක ශූරත මළල ක්‍රීඩා තරඟය දකුණු කොරියාවේදී පසුගියදා ආරම්භ විය.
Loading...