
රජය බදු සහන කිහිපයක් නිවේදනය කර ඇත. උපයන විට ගෙවීමේ බද්ද නැත්තම් PayE tax (බද්ද) අවම සීමාව රු. ලක්ෂයේ සිට රු. 150,000 දක්වා අඩු කර ඇත. සරළව වැටුප රු. 150,000 ට අඩු නම් බදු නැත.
රු. ලක්ෂ 2 කට අඩු අයෙකුට බදුද 71% කින් ද, ලක්ෂ තුන හමාරක වැටුපට බද්ද 25.5% කින් ද ඒ අනුව නිදහස් වේ. ඡන්ද වේදිකාවේ පැවසූ ලෙස PayE tax රු. ලක්ෂ 2 දක්වා අඩු පහත දමා, නැතත් එය යහපත් කාර්යයකි. ජයවේවා!
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතා සීමාවන් අනුව රජය මේ බද්ද පනවන විට එයින් අපේක්ෂිත බදු මුදල රු. බිලියන 160 ක් විය. අද වන විට එමගින් රු. බිලියන 190 ක් ලැබේ. නව බදු අඩු කිරීම තුල රජයට අහිමි වන මුදල රු. බිලියන 40 කි. එනම්, බදු ආදායම ලෙස රජයට ඉතිරිවන්නේ රු. බිලියන 150 කි.
කෙටියෙන්ම, බද්ද පනවන විට බලාපොරොත්තු වූ ආදායම රු. බිලියන 160 වෙනුවට රු. බිලියන 150 ක් සංශෝධනය අවසානයේ දී ද හිමිවේ.
දැන් මේ අහිමි වන මුදල රජය ලබා ගන්නේ කෙසේද? යන්න ඊලඟ ප්‍රශ්නයයි.
බදු සංශෝධනයේ දී 5% ක් වූ රැඳවුම් බද්ද ‘Withholding tax’ 10% දක්වා වැඩි කර ඇත. සරළව ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදලට රු. ලක්ෂයක පොලියක් ලැබෙන්නේ යැයි සිතන්න. ඊයේ වන තුරු එයින් රු. පන්දහසක බද්දක් රජයට ලැබුණි. එම බද්ද දැන් රු. 10,000 දක්වා වැඩි වන්නේය. මෙය බැංකු පොලිය එකතු කරන මොහොතේම කපා ගෙන රජයේ ගිණුමට බැර වන්නේය.
PayE tax අඩුවීම නිසා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයින්ට සහනයක් ලැබේ. අනෙක් අතට, විශ්‍රාමිකයින් බහුතරය එනම් අර්ථසාධක අරමුදල බැංකුවේ දමාගෙන පොලියෙන් ජීවත් වන පිරිසට එදා ලැබුණු 15% ක පොලිය අද 7.5% දක්වා පහත වැටී ඇත. එදාට සාපේක්ෂව දැන් ලැබෙන සොච්චම් පොලියට ගැසූ 5% ක බද්ද 10% දක්වා වැඩිවී ඇත. මේ බදු වෙනස නිසා බද්ද පනවන විට අපේකෂා කල මුදලට වඩා රු. බිලියන 5 ක් පමණ රජයට අහිමි වන්නේය.
සීයා තරුණයින්ට බදු ගසා, වයසක උදවියට සහන දුන් අතර, ඩබල් පොකට් තරුණයා වැඩිහිටියන්ගෙන් කපාගෙන, වැඩකරන වයසේ අයට සහන දී ඇත. දෙකම හොඳය.
විශ්‍රාමිකයින් බහුතරය ඉල්ලා සිටින්නේ තමන්ට දිගු කාලයක් ලැබුණු ‘ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉහළ පොලී අනුපාතය’ ලබා දී තම ජීවිත සුඛිත මුදිත කරන ලෙසය. දැන් ඔවුනට ලැබෙන පොලියට අඩු වි ඇත.
02 කොටස
ස්වාමියා අසනීප වී රෝහල් ගත කළ විට වෛද්‍යවරුන් කීවේ ලුණු, මිරිස් අඩුවෙන්, කිරි නැතුව, මස්, මාළු, අරක්කු සිගරට් නැතිව ජීවත් නොවන්නේ නම් තව සතියකට වඩා ජීවත් නොවන බවය. වෛද්‍ය උපදෙස් පළිපැදි බැවින් පුරුෂයාගේ ආයු දික් විය. වසර 10 ක් ජීවත් වී මිය ගිය විට යහපත් කල් ක්‍රියාව නිසා දිව්‍ය ලෝකයේ ඉපදුණි.
දැන් දිව්‍ය ලෝකයේ දිවා ආහාර වේළාවයි. බිරිඳ, ස්වාමියා වෙනුවෙන් ඇණවුම් කරන්නේ ලුණු, මිරිස්, තෙල්, කිරි, මධ්‍යසාර නැති භෝජනයකි.
වේටර් කියන්නේ, දිව්‍ය ලෝකයේ කුමන ආහාරය ගත්තත් ලෙඩ නොවන බවත්, දීර්ඝායු ලැබෙන බවත් ය.
ස්වාමියා, බිරිඳ දෙස බලා අමු තිත්ත කුණුහරුපයෙන් ඇය අමතන්නී, ‘මේ ගෑණු නොවුණා නම් මම දැන් අවුරුදු 10 ක් දිව්‍ය ලෝකයේ මේ රසමසවුළු රස විදිනවා යැයි කියමිනි.