උන්ඩියල් ක්‍රමය කෝටි ගණන් මුදල් උපයන ජාවාරමක් හෙළි වේ

Spread the love

පොලිස් බුද්ධි අංශ මඟින් තොරතුරු අනාවරණය කරගෙන ඇති ආකාරයට ‘උන්ඩියල්’ ක්‍රමය මඟින් කළු සල්ලි භාවිතා කරමින් කෝටි ගණනින් මුදල් උපයන නීති විරෝධී ව්‍යාපාරික ජාලයක් කොළඹ හා රටපුරා ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

පසුගිය කාලයේදී කොටි ත්‍රස්තවාදීන් ද මහා පරිමාණයෙන් මේ කළු සල්ලි ජාවාරමට සම්බන්ධ වී සිටි බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

පසුගියදා කොළඹ වංචා විමර්ශන අංශය විසින් පිටකොටුුවේ කළු සල්ලි මධ්‍යස්ථානයක් වැටලීමත් සමඟ එකී ජාවාරමේ යෙදුණ විදෙස් ජාවාරම්කරුවෝ රැසක් ඉන්දියාවට පළාගොස් සිටිති. එහිදී වැටලූ කළු සල්ලි ජාවාරම් මධ්‍යස්ථානයේ දිනකට ගණුදෙනු කළ මුදල් ප්‍රමාණය කෝටි හය ඉක්මවා ඇති බව එහි තිබී පොලිසිය සොයාගත් ලේඛනවලින් හෙළිවී ඇත.

විදෙස් ජාවාරම්කරුවන් සමඟ එක්වී විවිධ ව්‍යාපාරවල යෙදෙන ව්‍යාපාරික ස්ථාන රැසක් ඉහත කී ස්ථානය වැටලීමත් සමඟ උන්ඩියල් ක්‍රමයට ගණුදෙනු කිරීම නවත්වා තිබෙන බවත් දැනගන්නට ඇත.

කළු සල්ලි ජාවාරම නිසා මෙරටට අහිමි වන ආදායම වසරකට රුපියල් කෝටි තුන්දහස ඉක්මවන බවට ද තොරතුරු හෙළිකරගෙන තිබේ.


RSL

Related Posts