
උතුරු පළාතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දූපත්වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ විදුලිය ව්‍යාපෘති 03 අත්හිටුවීමට තීරණය කර බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වේ.
මෙම ව්‍යාපෘති ජාත්‍යන්තර ටෙන්ඩරයක් මගින් ලබා ගත් බව ද තුන්වන පාර්ශවයක් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුකළ කරුණු හේතුවෙන් සයිනෝ සෝර් හයිබ්‍රිඩ් ටෙක්නොලජි චීන සමාගම මේ ව්‍යාපෘතිය අත්හිටුවා ඇති බවයි එම පණිවුඩයේ වැඩිදුරටත් සදහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී චීන තානාපති කාර්යාලයේ උසස් නිලධාරියෙක් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති තුන අත්හැර දැමූව ද අදාළ සමාගම මාලදිවයිනේ දූපත් 12ක සූර්ය බලාගාර පිහිටුවීම සඳහා එරට රජය සමග පසුගිය 29 වැනිදා ගිවිසුම් අත්සන් කර කළ බවයි.
චීන සමාගම විසින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අතහැර දැමීමට ගත් තීන්දුව ගැන අප සමග අදහස් දැක්වූ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතිි නායකයෙක් ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපෘති ගැන ඉන්දීය රජය දැඩි කණස්සල්ලෙන් පසු වූ බවයි.
‘මේ ව්‍යාපෘති අතහැර දැමීම සිදුවන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අවස්ථාවක වගේම එල්.එන්.ජී බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විදුලිබල වෘත්තීය සමිති දැඩි සටනක් දියත්කර ඇති අවස්ථාවකදීයි. මේ ගැන අපි වඩාත් සංවේදී විය යුතුයි‘ ඔහු වැඩි දුරටත් සදහන් කළේය.
ඉහළ ඡායාරූපය – චීන තානාපති කාර්යාල නිවේදනයේ සදහන් මලදිවයින සමග ගිවිසුම අත්සන් තැබීම