උතුරේ ජන ජීවිතය නන්වීම තුළින් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රගතියක් පෙන්නුම් කෙරේ – බ්ලේක්

Spread the love

තෙදින නිළ සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මහතා අවධාරණය කර සිටියේ, විද්වත් කමිටු වාර්තාවේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම කටයුතු කරනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවයි.
තවදුරටත් ඔහු පෙන්වා දෙන්නේ ග්‍රීස් යකුන් හේතුවෙන් පැන නැගී ඇති අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ යාපනයේ බොහෝ දෙනා තමන් සමග අදහස් දැක් වූ බවයි එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ පොලිස් නිලධාරීන් යෙදවීම තුළින් එම අනාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් හමුදාව යෙදවීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවයි.
එමෙන්ම උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය සාමාන්‍ය අතට හැරීම තුළින් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රගතියක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළේය.
අවිගත් කණ්ඩායම් නිරායුධ කිරීම පිළිබඳව ද අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කළ බව පවසන බ්ලේක් එහි ප්‍රගතියක් දක්නට ඇති බව ද කියා සිටියේය.


RSL

Related Posts