උතුරට නව ඉන්ධන පිරවුම්හල් 17 ක්

Spread the love

ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය පවසන ආකාරයට උතුරු පළාතට අයත් දිස්ත්‍රික් 5 ම ආවරණය වන පරිදි තවත් ඉන්ධන පිරවුම්හල් 17 ක් ඉදිරි මාස 5 කාලය තුළ ඉදිකර ජනතා අයිතියට පැවරීමට ඛනිජ තෙල්කර්මාන්ත අමාත්‍යාශය යටතේ පවතින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඒ අනුව යාපනය දිස්ත‍්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 4 ක්, වව්නියාව දිස්ත‍්‍රික්කයේ ඉන්ධන පිරවුම්හලක්, මුලතිව් දිස්ත‍්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 6 ක්, , කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 4 ක් සහ මන්නාරම දිස්ත‍්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල් 2 ක් මේ මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ ඉදිකර ජනතා අයිතියට පැවැරීමට නියමිතය.

මෙම වැඩසටහන ත‍්‍රස්තවාදය නිසා විනාශ වූ උතුරේ ජනතාවගේ සියලු භෞතික සම්පත් නැවත එම ජනතාවට ලබාදීම සඳහා ඇරඹි උතුරු වසන්තය සංවර්ධන වැඩසටහනට සමගාමී ව ක්‍රියාත්මක වේ.

Loading...

RSL

Related Posts