ඉන්දියාව අඟහරුවාදා ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් හිස්සේන් බ්‍රහිම් ටාහා පාකිස්තානයේ සංචාරය අතරතුරදී පාකිස්ථාන ආක්‍රමණික කාශ්මීරයට ගොස් ජම්මු සහ කාශ්මීරය පිළිබඳ අදහස් දැක්වීම සම්බන්ධයෙන්  දෝෂාරෝපණය කළේය.

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයාගේ සංචාරය පිළිබඳ මාධ්‍ය ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි පැවසුවේ, “ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා පාකිස්තාන කාශ්මීරයේ සංචාරය සහ ජම්මු සහ කාශ්මීරය පිළිබඳව ඔහු දැක්වූ අදහස් ඉන්දියාව තරයේ හෙළා දකින බවයි.

ඉන්දියාවේ ඒකාග්‍රතාවය සදහා අත්‍යවශ්‍ය කොටසක් වන ජම්මු සහ කාශ්මීරය සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය හට කිසිදු ස්ථාවරයක් නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා අවධාරණය කළේය. ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ සහ එහි මහලේකම් විසින් ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට සහ මැදිහත් වීමට දරන ඕනෑම උත්සාහයක් සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකිය යැයි බග්චී පැවසීය.

ප්‍රශ්න සම්බන්ධයෙන් නිර්ලජ්ජිත ලෙස වාර්ගික, පක්ෂග්‍රාහී සහ සත්‍ය වශයෙන්ම වැරදි ප්‍රවේශයක් ගැනීමෙන් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය දැනටමත් එහි විශ්වසනීයත්වය නැති කර ගෙන ඇති බව බග්චි පැවසීය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පැවසුවේ අවාසනාවන්ත ලෙස ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා “පකිස්ථානයේ ඉත්තතකු බවට පත්ව ඇති” බවයි.

කෙසේ වෙතත්, ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා “ඉන්දියාවට, විශේෂයෙන්ම ජම්මු සහ කාශ්මීරය තුල දේශසීමා ත‍්‍රස්තවාදය ප‍්‍රවර්ධනය කිරීමේ පකිස්ථානයේ නපුරු න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමේ හවුල්කරුවෙකු වීමෙන් වළකිනු ඇතැයි” ඔහු බලාපොරොත්තු විය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්