ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබේ. ඒ අනුව රුපියල් 355ක් වූ ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 11කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රුපියල් 344කි.
ලීටරයක් රුපියල් 420ක් වූ ඔක්ටේන් 95 මිල රුපියල් 41 කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රු. 379.
රුපියල් 377ක් වූ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 22 කින් අඩු කර ඇති අතර එහි නව සිල්ලර මිල රුපියල් 355 කි.
කෙසේ වෙතත්, ලංකා සුපර් ඩීසල් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිලෙහි වෙනසක් නොමැත.