ඉන්ධන මිල මාසයකට වරක් සංශෝධනය කිරීමේ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

Spread the love

ලබන මාසයේ සිට ඉන්ධන මිල සංශෝධනය මසකට වරක් සිදුකිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඒ පිළිබඳ වන යෝජනාව හෙට (21) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වන සංවත්සරය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය සෑම මසකට 1 වනදා සහ 15 වනදා සිදු කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

Related Posts