ඉන්දීය ආරක්ෂක අමාත්‍ය සිං බ්‍රහස්පතින්දා ටෝකියෝහිදී ජපාන ආරක්ෂක අමාත්‍ය යසුකාසු හමාඩා හමුවීය. එම හමුවේදි හා ආරක්ෂක හවුල්කාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ නිදහස්, විවෘත සහ නීති රීති මත පදනම් වූ ඉන්දු පැසිෆික් කලාපය සඳහා ඉන්දු-ජපාන හවුල්කාරිත්වය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි.

අමාත්‍යවරුන් දෙදෙනා කලාපීය ගැටළු මෙන්ම ඔවුන්ගේ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ විවිධ අංග පිළිබඳව සාකච්ඡා කළහ.

ආරක්ෂක ඇමති සිං රැස්වීමෙන් පසුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසූයේ ඉන්දියාව සහ ජපානය විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වයක් අනුගමනය කරන බවයි.

ඉන්දු-ජපාන ද්වීපාර්ශ්වික ආරක්ෂක අභ්‍යාසවල වැඩෙන සංකීර්ණත්වය දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව පුළුල් වීමට සාක්ෂියක් බව අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං අවධාරණය කළේය

‘ධර්ම ගාඩියන්’, ‘ජිමෙක්ස්’ සහ ‘මලබාර්’ ඇතුළු ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අභ්‍යාස සක්‍රීයව පවත්වාගෙන යාමට අමාත්‍යවරු එකඟතාව පළ කළහ.

‘මිලාන්’ අභ්‍යාසයේදී සැපයුම් සහ සේවා පිළිබඳ අන්‍යෝන්‍ය ප්‍රතිපාදන ගිවිසුම ක්‍රියාත්මක කිරීම දෙපාර්ශවය අගය කළේය. මෙම අභ්‍යාසය පසුගිය මාර්තු මාසයේදී පැවැත්විණ.

මෙම ප්‍රහාරක අභ්‍යාසය කඩිනමින් පැවැත්වීම දෙරටේ ගුවන් හමුදාවන් අතර වඩාත් විශාල සහයෝගීතාවක් බවට අමාත්‍යවරුන් දෙදෙනා එකඟ වූහ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය සිං විසින් ආරක්ෂක උපකරණ සහ තාක්ෂණික සහයෝගිතා ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වයේ විෂය පථය පුළුල් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. ඉන්දියාවේ ආරක්ෂක කොරිඩෝවේ ආයෝජනය කරන ලෙස ඔහු ජපන් කර්මාන්තවලට ආරාධනා කළේය.

විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වයක් භුක්ති විඳින ඉන්දියාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට මේ වසරේ වසර 70ක් සපිරේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය සිං ජපානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ රාජකාරියේ යෙදී සිටියදී ජීවිත පරිත්‍යාග කළ ජපන් ආත්මාරක්‍ෂක හමුදා සාමාජිකයින්ගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. ඔහු වෙත චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය සිං සහ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ දෙවන ඉන්දියා-ජපාන 2+2 අමාත්‍ය සංවාදයට සහභාගී වනු ඇත. ජපාන පාර්ශවය නියෝජනය කරනුයේ ජපාන ආරක්ෂක අමාත්‍ය යසුකසු හමාඩා සහ විදේශ කටයුතු අමාත්‍ය යොෂිමාසා හයාෂි විසිනි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්