ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශන්කර් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ජපානයට නිල සංචාරයක් සඳහා පැමිණෙනු ඇත.ජපානයේදී බදාදා ආරම්භ වන දෙවන ඉන්දියා-ජපාන 2+2 අමාත්‍ය රැස්වීමට සහභාගී වීම සඳහා ඔවුන් මේසේ පැමිණෙන බව වාර්තා වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අඟහරුවාදා මෙම සංචාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසූයේ විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදය සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීම ඉන්දීය අමාත්‍යවරුන් විසින් පිළිවෙලින් ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි සහ එරට ආරක්ෂක අමාත්‍ය යසුකසු හමාඩා සමඟ පවත්වනු ඇති බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම සංචාරයේදී දෙපාර්ශවය හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා නව මුලපිරීම් තවදුරටත් ගවේෂණය කරනු ඇති බවයි. එමෙන්ම දෙරට අතර විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය පදනම් වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමේ හවුල් වටිනාකම් මත ය.

ඉන්දු-ජපාන විදේශ සහ ආරක්ෂක අමාත්‍ය සංවාදයේ (2+2) සමාරම්භක රැස්වීම 2019 නොවැම්බර් 30 වැනි දින නවදිල්ලි නුවරදී පැවැත්විණි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මෙම වසරේ මැයි 24 වන දින ටෝකියෝ හි පැවති 2 වන පුද්ගල හතරේ නායකයින්ගේ රැස්වීමට සමගාමීව පැවැත්විණි.එහිචදී ද්විපාර්ශ්වික සහයෝගීතාව ඇතුළු ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රය තවදුරටත් වැඩිදියුණු කිරීමට නායකයින් දෙදෙනා එකඟ වී ඇත.

14 වැනි ඉන්දු-ජපාන වාර්ෂික සමුළුව මේ වසර මුලදී ඉන්දීය සහ ජපාන අග්‍රාමාත්‍යවරුන් සහභාගීත්වයෙන් නවදිල්ලි නුවරදී පැවැත් වූ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්