ඉන්දීය විදේශ සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් ලබන සතියේ නයිජීරියාවට සංචාරය කිරීමට නියමිතය.ඔහු විසින් නයිජීරියාවේ-ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලයේ රැස්වීම ඇමතීමට නියමිතය. එමෙන්ම, එම සංචාරය අතරතුරදී නයිජීරියාව සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ,ඉන්දීය රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් නයිජීරියානු ජනාධිපති මුහම්මද් බුහාරි හමුවනු ඇති බවයි. ඔහු නයිජීරියානු විදේශ කටයුතු අමාත්‍ය ජෙෆ්රි ඔනියාමා සහ ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) බෂීර් මගෂි හමුවනු ඇත. මෙම සංචාරය අගෝස්තු 22-23 දෙදින සිදු වන බව එම නිවේදනයේ සඳහන්ය.

රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් නයිජීරියාවේ අගනුවර වන අබුජාහිදී, නයිජීරියාවේ උප සභාපති යෙමි ඔසින්බජෝ සමඟ නයිජීරියා-ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලයේ රැස්වීම ද අමතනු ඇත.

නයිජීරියානු විදේශ කටයුතු අමාත්‍ය ජෙෆ්රි ඔනියාමා විසින් රයිසිනා සංවාදය-2022 සඳහා ඉන්දියාවට කරන ලද සංචාරයේදී නයිජීරියා-ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලය නිල වශයෙන් ක්‍රියාත්මක කරන ලදී.

ඊට අමතරව, රාජ්‍ය අමාත්‍යවරයා ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයින් සමඟ ද අන්තර් ක්‍රියා කරණු ඇත.

ඉන්දියාව-නයිජීරියාව සමග පුළුල් බහුවිධ සමීප මිත්‍ර සබඳතා භුක්ති විඳිති. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2021-22 වසර තුළ වාර්තාගත ඇමෙරිකානු ඩොලර් බිලියන 14.95ක් ලෙස වාර්තා කර ඇත.වසංගතයට එරෙහි සටනේදී රටවල් දෙකම සමීප සබඳතා පවත්වා ඇත.

ඉන්දීය රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් නයිජීරියාව සත්කාරකත්වය දරන ලද ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුම් උත්සවයට සහභාගී වීමට 2019 වර්ෂයේ ජුනි මාසයේදී නයිජීරියාවට සංචාරය කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව මෙම සංචාරය තුලින් නයිජීරියාව සමඟ ද්විපාර්ශ්විකව සහ බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරනු ඇත.