ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන් නයිජීරියාවේ සංචාරය කළේය. එහිදී ඉන්දියාව සහ නයිජීරියාව අතර වෙළඳාම සහ ආයෝජන, බලශක්ති සහ සෞඛ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කළහ.ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා නයිජීරියා ජනාධිපති මුහම්මද් හමුවිය.මේ අතර ඔහු නයිජීරියානු විදේශ අමාත්‍ය ජෙෆ්රි ඔනෙයාමා සහ ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් බෂීර් මගෂි ද හමු විය.

නයිජීරියානු ප්‍රජාතන්ත්‍රවාදී දිනය සැමරීම සහභාගි වීම සඳහා මීට පෙර 2019 ජුනි මාසයේදී නයිජීරියාවට අමාත්‍ය මුරලිදරන් සංචාරය කළේය.

වෙළඳාම සහ ආයෝජන, බලශක්ති, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂක, සංස්කෘතික සහ ජනතාව අතර සබඳතා පිළිබඳ සහයෝගීතාව පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා නයිජීරියානු ප්‍රභූවරුන් සමඟ සාකච්ඡා කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ කලාපීය සහ ගෝලීය ගැටලු පිළිබඳව ද ඔහු සාකච්ඡා කළ බවයි.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මුරලිදරන්, නයිජීරියා-ඉන්දියා ව්‍යාපාරික කවුන්සිලයේ සමාරම්භක රැස්වීමේදී ප්‍රධාන දේශනයක් පැවැත්වීය. මෙම අවස්ථාවට නයිජීරියානු වෙළඳ සහ ආයෝජන අමාත්‍ය ඔටුන්බා රිචඩ් නියි අඩෙබයෝ ද එක් විය.

පතල් සහ වානේ සංවර්ධන අමාත්‍ය ඔලමිලේකන් ඇඩෙග්බිට්, කැනෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර අබ්දුල්ලාහි උමාර් ගන්ඩුජේ සහ නයිජීරියාවේ විදේශ කටයුතු අමාත්‍ය සුබයිරු ඩඩා ඇතුළු නයිජීරියානු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉන්දියාවේ සහ නයිජීරියාවේ කර්මාන්ත නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මුරලිදරන් නයිජීරියාවේ ඉන්දියානු ප්‍රජාවේ සාමාජිකයින් 200 කට අධික සංඛ්‍යාවක් සමඟ කතා කළේය. මෙම හමුව නයිජීරියාවේ ඉන්දියානු මහ කොමසාරිස් වරයා විසින් සංවිධානය කොට තිබිණ.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වී මුරලිදරන්ගේ මෙම සංචාරය ඉන්දියාව සහ නයිජීරියාව අතර පවතින බහුවිධ ද්විපාර්ශ්වික සබඳතාවලට නව ජවයක් ලබා දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට පවසයි.