ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ආජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් බ්‍රහස්පතින්දා හමු විය.එහිදී ඔවුන් ද්විපාර්ශික සහයෝගීතාවයේ අංගයක් වශයෙන් ද්විපාර්ශික වෙළදාමේ නවමානයන් පිළිබඳ සාකච්ඡා කළේය.

ආර්ජන්ටිනාව සමග ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ට්විටර් සටහනක් මගින් පැවසීය.

බ්‍රහස්පතින්දා ආර්ජන්ටිනාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා එරට ආර්ථික අමාත්‍ය සර්ජියෝ මැස්සා ද හමුවිය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් ඔහුගේ තුන්-ජාතික සංචාරයේ කොටසක් ලෙස මීට පෙර පැරගුවේ සහ බ්‍රසීලයේ සංචාරය කර තිබුණ.

ඔහු සඳුදා සිය පැරගුවේ නිල සංචාරය නිම කළේය. මෙය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයෙකු පැරගුවේ වෙත පැමිණි පළමු අවස්ථාව ද විය. ඔහු එරට අගනුවර වන අසුන්සියන්හි ඉන්දීය තානාපති කාර්යාලය ද විවෘත කළේය. ඉරිදා ඔහු මහත්මා ගාන්ධිතුමාගේ පිළිරුවක් විවෘත කර තිබුණි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් සංචාරයෙන් පසුව බ්‍රසීලයට බලා පිටත් විය. ඔහු බ්‍රසීලයේ රැදී සිටි කාලය ඇතුළත ලිඩ් සංගමය සමඟ රැස්වීමකට සහභාගී විය. එමෙන්ම සාඕ පවුලෝ ප්‍රාන්ත කර්මාන්ත සංකීර්ණයේ සංචාරයක නිරත වීමට ද ඔහුට අවස්ථාව ලැබිණ.

මේ අතර බ්‍රසීලියානු විදේශ කටයුතු අමාත්‍ය චාල්ස් ෆ්රෑන්ක් සමඟ, 8 වැනි ඉන්දියා-බ්‍රසීල ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේ සම සභාපතිත්වය ජයශංකර් දැරූය. මෙම හමුවේදි ආයෝජන සහ වෙනත් කොන්සියුලර් කරුණු පිළිබඳව ඔවුන් පුළුල් සාකච්ඡා පැවැත්වූහ.

බ්‍රික්ස්සංවිධානය,එක්සත් ජාතීන්ගේ සංවිධානය,ජී-20 සහ යුක්‍රේනයේ යුධමය වාතාවරණය පිළිබදවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා නායකයන් සමග අදහස් හුවමාරු කර ගත්තේය. ලතින් ඇමරිකානු රට සමග බදු සහ විකාශන ගිවිසුම් වලට ද ඔහු අත්සන් තැබීය

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්