නොවැම්බර් 2-3 දිනවල බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති සමුද්‍ර හවුල්කාරිත්ව අභ්‍යාසයට ඉන්දීය නාවික හමුදාව සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව සහභාගි විය. .

රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ එච්.එම්.ඒ.එස් ඇඩිලේඩ් සහ එච්.එම්.ඒ.එස් අන්සාක් සහ ඉන්දීය නාවික හමුදාවේ අයි.එන්.එස් ජලෂ්වා සහ අයි.එන්.එස් කවරට්ටි යන නෞකාවන් ඔවුන්ගේ හෙලිකොප්ටර් යානා සමඟ මෙම අභ්‍යාසයට සහභාගී විය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය සෙනසුරාදා ප්‍රකාශ කළේ මෙම අභ්‍යාසවලට උපායශීලී ක්‍රියාකාරකම් , හෙලිකොප්ටර් මෙහෙයුම් ඇතුළත් වූ බවයි. එය ඉන්දීය නාවික හමුදාව සහ ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාව අතර අන්තර් ක්‍රියාකාරීත්වයේ ඉහළ මට්ටමක පවතින බවයි.

මෙයට පෙර රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ නෞකාවන් වන එච්.එම්.ඒ.එස් ඇඩිලේඩ් සහ එච්.එම්.ඒ.එස් අන්සාක් ඕස්ට්‍රේලියාවේ ඉන්දු පැසිෆික් උත්සාහය- 2022හි කොටසක් ලෙස ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 1 දක්වා විශාකාපට්නම් වෙත සංචාරය කළහ.මෙහිදී ඉන්දීය නැගෙනහිර නාවික විධානය විසින් ඔස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාව පිළිගනු ලැබීය.

ඉන්දීය නාවික හමුදාවේ නැගෙනහිර නාවික නෞකා සමඟින්, ඉන්දීය හමුදාවේ සහ ඉන්දීය ගුවන් හමුදාවේ සොල්දාදුවන් ද ඒකාබද්ධ ක්‍රියාකාරකම් කිහිපයකට සහභාගී වූහ.

වරාය අදියරේදී අත්දැකීම් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ මිත්‍රශීලී ක්‍රීඩා හුවමාරු කිරීම් ඇතුළුව පුළුල් පරාසයක වෘත්තීය අන්තර්ක්‍රියා මෙම අභ්‍යාසයට ඇතුළත් විය.

මෙම අභ්‍යාසය සාර්ථකව නිම කිරීම මගින් ඉන්දු-ඕස්ට්‍රේලියා හමුදා අන්තර් ක්‍රියාවල තවත් වර්ධනක් සනිටුහන් කරන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඔස්ට්‍රේලියානු-ඉන්දියා ආරක්ෂක සබඳතාව ආරක්ෂක හමුදා දෙක අතර වැඩෙන අන්තර් ක්‍රියාකාරීත්වය තුලින් උපායමාර්ගික හවුල්කාරිත්වයක් පිළිබිඹු කරයි.ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව දිගුකාලීන සහයෝගීතාවයේ ඉතිහාසයක් ගොඩනගා ගනිමින් ආරක්ෂක ක්ෂේත්‍රයේ ස්ථාවර හවුල්කාරිත්වයක් පවත්වා ගෙන ඇත.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්