ඉරිදා බකිංහැම් මාලිගයේ පැවති පිළිගැනීමේ උත්සවයකදී ඉන්දියාවේ ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු බ්‍රිතාන්‍යයේ අභිනවයෙන් දිවුරුම් දුන් III චාල්ස් රජු හමුවිය.එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට පෙර මෙම හමුව සිදු විය.

ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු එක්සත් රාජධානියේ III චාල්ස් රජු විසින් බකිංහැම් මාලිගයේදී පවත්වන ලද පිළිගැනීමේ උත්සවයේදී යනුවෙන් රාෂ්ට්‍රපති භවන් හි නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබිණ.

දෙවන එලිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීමට ලන්ඩනයේ බකිංහැම් මාලිගය අසල ලැන්කැස්ටර් හවුස්හිදී තබා ඇති ශෝකය පළ කරන ශෝක ප්‍රකාශ පුස්තකයට ඇය සිය අත්සන යෙදීය.

එමෙන්ම අති උතුම් දෙවන එලිසබෙත් රැජිනගේ දේහය තැන්පත් කර ඇති ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී ඉන්දීය ජනතාව වෙනුවෙන් ඉන්දීය ජනාධිපතිනිය දිවංගත බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජිනට සිය ගෞරව දැක්වීය.

මීට අමතරව ලන්ඩන් නුවරට පැමිණ සිටින බංග්ලාදේශ අගමැතිනි ෂික් හසීනා සහ ඇයගේ සොහොයුරිය වන ශික් රෙහානා ද ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු හමුවිය. මෙම හමුව ඇය ලන්ඩනයේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතු ආරම්භ කිරීමට පෙර සිදු විය.

ඉන්දීය ජනාධිපති මුර්මු ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඇයව පිළිගැනීමට එක්සත් රාජධානියේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පැමිණ සිටියහ.තවද ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ඇතුළු දූත පිරිස ද ජනාධිපති මුර්මු සමග ලන්ඩනයට පැමිණියහ.

ඇය සඳුදා වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙස්ට් ගේට්හි රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වනු ඇත. මෙම කටයුතු වලින් අනතුරුව ඇය ජාත්‍යන්තර, කලාපීය සහ සංවර්ධන කටයුතු සඳහා වූ එක්සත් රාජධානියේ රාජ්‍ය ලේකම් විසින් සත්කාරකත්වය සපයනු ලබන ජේම්ස් ක්ලෙවර්ලිගේ පිළිගැනීමේ උත්සවයට ද සහභාගී වනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ සහ එක්සත් රාජධානියේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ දෙවන එළිසබෙත් රැජින සැප්තැම්බර් 8 වැනිදා, වයස අවුරුදු 96 දී අභාවප්‍රාප්ත විය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්