ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා හමුවිය. එම හමුවේදි නායකයන් දෙදෙනා ද්විපාර්ශ්වික සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිණිස සාකච්ඡාවක් පැවැත්වූහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ටෝකියෝ නුවරට පැමිණ සිටියේ බුඩෝකාන්හි ජපානයට සමුදෙන හිටපු ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ය. හිටපු අගමැති ෂින්සෝ අබේගේ අභාවය සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය ජපාන අග්‍රාමාත්‍යවරයාට මෝදී ප්‍රකාශ කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කළේ නිදහස්, විවෘත සහ ඉන්දු පැසිෆික් කලාපයක් පිළිබඳ දැක්ම සංකල්පනය කිරීමේදී දිවංගත අගමැති අබේගේ දායකත්වය සහ ඉන්දීය-ජපාන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ඔහුගේ කැපවීම අගමැති මෝදි විසින් අවධාරණය කළ බවයි.

බටහිර ජපානයේ නාරා ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රචාරක දේශනයක් පවත්වමින් සිටියදී ජපානයේ දීර්ඝතම අගමැති ධුරය දැරූ අග්‍රාමාත්‍යවරයා වන අබේ මහතා, පසුගිය ජූලි 8 වැනිදා වෙඩි තබා ඝාතනය කරන ලදී.

අග්‍රාමාත්‍ය කිෂිඩා සමඟ සිය හමුවේදී සිය අදහස් දැක්වීමේදී අගමැති මෝදි පැවසුවේ, “අබේ සාන් සමඟ විදේශ අමාත්‍යවරයාගේ භූමිකාව තුළ ඉන්දු-ජපාන සබඳතාව නව තලයකට ගෙන ගොස් ඇති බවයි. ඉන්දියාව සහ ජපානය අතර මිත්‍රත්වය ද ගෝලීය බලපෑමක් ඇති කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජපාන අග්‍රාමාත්‍යවරයා හමුවීම පිළිබඳ පැවසූයේ අගමැති කිෂිඩාගේ නායකත්වය යටතේ ඉන්දු-ජපාන සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි. එමෙන්ම ගෝලීය ප්‍රජාව මුහුණපා ඇති ගැටලු වලට විසඳුම් සෙවීමේදී ඉන්දියාවට හා ජපානයට සුවිශේෂී කාර්යභාරයක් ඉටුකිරීමට හැකියාව ඇති බව ඔහු පැවසීය.

ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසූයේ කලාපීය සහ ගෝලීය ගැටලු රැසක් පිළිබඳව දෙරටේ නායකයන් අදහස් හුවමාරු කරගත් බවයි. එමෙන්ම ද්විපාර්ශික සබඳතා නව තලයකට ගෙන ඒම පිළිබඳව ද ඔවුන් සාකච්ඡා කළහ.

ඉන්දියා-ජපාන විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට නායකයින් ඔවුන්ගේ කැපවීම අලුත් කළ බව ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. තවද කලාපයේ සහ විවිධ ජාත්‍යන්තර කණ්ඩායම් සහ ආයතන සහයෝගීව කටයුතු කිරීමට නායකයින් ඔවුන්ගේ කැපවීම තහවුරු කළහ.

අග්‍රාමාත්‍ය මෝදිගේ ටෝකියෝ සංචාරයට පෙර විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ඉන්දියාව සහ ජපානය අතර විශේෂ සබඳතාව අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම ජපාන සංචාරය පැමිණෙන්නේ මේ වසරේ මැයි මාසයේදී ක්වාඩ් නායකයින්ගේ සමුළුව සඳහා අගමැති මෝදිගේ ජපානයට පැමිණීමෙන් පසුවය. අගමැති මෝදි සහ අගමැති කිෂිඩා ද ක්වාඩ් සමුළුව අතරතුරදී ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වීය.

ඉන්දියා-ජපාන සබඳතා පුළුල් කිරීම සඳහා නායකයින් දෙදෙනාගේ කැපවීම සහ පශ්චාත් වසංගත කලාපීය සහ ගෝලීය පිළිවෙලක් හැඩගැස්වීමේ ක්‍රියාදාමයට මෙම රැස්වීම විශේෂයෙන් ඉවහල් වේ යැයි විදේශ ලේකම් ක්වාට්‍රා පැවසීය.

ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස්